මාක්ස් කියවමු 7
සිදුහත්
කුමරා විමුක්තිය සොයා ගෙන යාම සඳහා කුඩා රාහුල පුතුද, බිරිඳ යශෝදරාද අතහැර
ගිහිගෙයින් නික්මුණේය. කාල් මාක්ස් දරුවන් හදමින්, ජෙනීගේ උණුසුම් හැඟුම්බර ආදරය
විඳිමින්, දුක් කම්කටොලුවලට මුහුණ දෙමින්, දුක් විඳින කම්කරු ජනයාට විමුක්තිය ලබාගත හැකි න්‍යාය, දර්ශනය, වැඩ පිළිවෙළ පහදා
දුන්නේය. නිවන් දකිනවාද? සමාජවාදය ගොඩනගනවාද?
යන ප්‍රශ්නය අප ඉදිරියේ තිබේ. නිවන් දැකීම පෞද්ගලික කාර්යයකි. සමාජවාදය ගොඩනැගීම
පොදු කාර්යයකි. තනිව නිවන අවබෝධ කරගත හැකිය. එහෙත්, තනිවම සමාජවාදය ගොඩනැගිය නොහැකිය.
නිවන් මගට යොමු වූවෝ ගිහිගෙය හැරදමා කසාවතින් සැරසී හුදකලාව භාවනාවට යොමුවෙති.
සමාජවාදී රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් එක් වූවෝ සාමූහිකව අරගලය ස්වකීය ගමන්
මාර්ගය ලෙස තෝරා ගනිති. ධනවාදී සමාජයක නිවන අවබෝධය පිණිස භාවනාවට යොමුවනවාට වඩා,
සමාජවාදී සමාජයක නිවන අවබෝධය පිණිස යොමු වීම සාධාරණ යැයිද, හිතකර යැයිද, පහසු
වෙතැයිද කියා මම සිතමි. ඒ මගේ සිතීමය. ඔබගේ සිතීම වෙනස් විය හැකිය.
කාල් මාක්ස්
පොත් තුනක ලියන ලද කවි සංකල්පනා ජෙනී වෙනුවෙන් පිදුව අතර, හතර වෙනි පොත පියා
වෙනුවෙන් කැප කළේය. එම කෘතියෙන් මාක්ස් විසින් ලියන ලද %ගෝනුස්සා හා %ෆීලික්ස්^ (Scropin and
Felix) යන කෘතියේ කොටස්ද, ගීත නාට්‍යයක් වන ඕලනම් (Oulanem) හි කොටසක්ස ඇතුළත් විය.
%ගෝනුස්සා හා
%ෆීලික්ස්^ යන කෘතිය %Comic Novel^ ගණයට අයත් වන අතර, පරිච්චේද කිහිපයක් ලියන මාක්ස් එම කෘතිය ලියා අවසන්
නොකරන්නේය. %ඕනලම්^ නමැති ගීත නාටකයේ
ශෛලිය රොමැන්ටික්වාදයට නතුවන අතර, ආදරය, මරණය, බලාපොරොත්තු බිඳ වැටීම එහි ප්‍රකාශිත
අර්ථයක් වූයේය. පළමු රංගනයෙන් පසු එම ගීත නාට්‍ය ලිවීමද මාක්ස් විසින් අතහැර දමාන
ලදී.
මාක්ස්ගේ නිර්මාණශීලී
රචනා තුළ දේශපාලනය, කලාව හා සාහිත්‍ය පිළිබඳ ඔහු දැරූ මතය ප්‍රකට වන අතර, ඒ සඳහා
එකල සම්භාවනාවට පත් කෘතීන්ගේ අදහස්ද උපුටා දැක්වූවේය. මාක්ස්ගේ නිර්මාණශීලී රචනා
ඔහු මත දැක්වීම් සඳහා බලපෑ ප්‍රධාන කෘති තුනක් තිබුණේය.
ඒවානම් , Lessing ගේ %Laokoon^ කෘතියත්,
Solger’s ගේ %Erwin^ කෘතියත්, Winckelmann’s ගේ %History
of Art^ යන කෘතියත්ය.
පසු කලෙක
මාක්ස් ලියූ නිර්මාණශීලී රචනා සියල්ලම දැඩි විවේචනයකට ඔහු විසින්ම ලක් කරන ලදී.
සාහිත්‍ය හා කලාව සම්බන්ධයෙන් මාකස් ප්‍රකාශ කළ අදහස් අතිශයින්ම වැදගත් වූ අතර, එය
මාක්ස්වාදී සාහිත්‍ය ප්‍රවණතාවයක් දක්වාම දිගු වූයේය.
වැඩිපුර
ආශ්වාදය සපයන උසස් සංකල්පවලින් තොර කලාව මාක්ස් හෙළා දැක්කේය. මාක්ස් අගය කළේ හා
සතුටු වූයේ උසස් චින්තනයෙන් හා උසස් හැඟීම් සහිත කලා භාවිතයය. පසු කලෙක උසස්
දර්ශනය වෙත යොමු වෙන ඕනෑම පුද්ගලයෙකුට තරුණවියේදී පෙම්වතියට ලියූ කවි බොළඳ ලෙස පෙනෙන්නට
පුළුවන්. ඒ උසස් දර්ශනයත්, න්‍යායත් අවබෝධ වූ පසු පෙර කල තමා කළ කී දේවල් දෙස එම
දර්ශනයේ සිට බැලීම නිසා සිදුවන දෙයකි.
බුදුන්
වහන්සේ නිර්වාණය අවබෝධය වූ පසු යශෝදරාව සමග හා නළඟනන් සමග කම්සැප විඳින් ගත කළ
ගිහි ජීවිතය හොඳ යැයි පවසන්නේ නැත. ගිහි ජීවිතයේ මිනිසුන් රඳවා තබන ආකාරයේ බණ
දේශනා කළේ ද නැත. ගිහි ජීවිතයේ අර්ථ ශුන්‍ය භාවය දුක පිළිබඳව දේශනා කළේය.
මාක්සද
පෙම්වතිය දුරස් වීමෙන් උපන් විරහ වේදනාවෙන් අනතුරුව ලියූ කවි උසස්ම කවි යැයිද,
ලිවිය යුත්තේ එම ආකාරයේම කවි බව නොකීවේය. එම කවි සංකල්පනා පසු කලෙක විවේචනය වුවද, එම ආකාරයේ කවි නොලිය යුතු බවද නොකීවේය. මාක්ස්
දැක්වූයේ උසස් කලාව හා සාහිත්‍ය පිළිබඳ ස්වකීය මතයයි. තමා ලියූ දේ තමාටම විවේචනය
කළ හැකි මනසක් මාක්ස්ට තිබුණේය. මහා ප්‍රඥායෙකු බිහිවීමේ ආරම්භය මේ සෑම ක්‍රියා
කලාපයකින්ම ප්‍රකට විය.
සමාජය තුළ
සිදුවන වෙනස් වීම හා සංසිද්ධි මාක්ස්ගේ චින්තනය සකස් වීමට බලපෑවේය. දහඅට වැනි ශත
වර්ෂය අවසන් වනවිට එංගලන්තයේ ආර්ථිකය තීරණාත්මක ලෙස වෙනස් වුණේය. මෙම ආර්ථික
විප්ලවයට හේතු වූයේ විද්‍යාවේ දියුණුව විසින් වාෂ්ප යන්ත්‍රය ඇතුළු යන්ත්‍ර සූත්‍ර
සොයා ගැනීමය. මිනිස් ශ්‍රමයෙන් කළ කාර්යයන් යන්ත්‍ර සූත්‍ර මත පැවරුණේය. යන්ත්‍ර
සූත්‍ර යොදා ගනිමින් මහා පරිමාණ කර්මාන්ත සංවර්ධනය වූ නිසා ගොවියෝ, හස්ත කාර්මාන්ත
ශිල්පියෝ විනාශ වූහ. යන්ත්‍ර සූත්‍ර හිමි ධනපති පංතියක් බිහිවූ අතර, හස්ත කර්මාන්ත
ශිල්පියෝද, ගොවියෝද කුලී වැටුප් ලබන
කම්කරුවන් බවට පත් වූහ. ධනපති කර්මාන්ත ශාලාවල සේවය කිරීමට යොමුවූ මෙම කම්කරුවෝ
දරුණු සූරාකෑමට ලක්වූහ. වැය කරන ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබුණේය.
යුරෝපය පුරා
එතෙක් පැවැති රදළ සම්බන්ධතා බිඳ වැටුණු අතර, ධනපති පංතිය හා කම්නරු පංතිය ලෙස නව
සම්බන්ධයක් බිහි විය. යුරෝපයේ ධනවාදය තහවුරු වීමත් සමග පංති අරගලය කරළියට
පැමිණියේය.
පංති හැඟීමෙන්
තොරව නැගී සිටින නිර්ධන පංති බිහිවූ අතර, ඔවුන්ට සංවිධානය වීමට තරම් දියුණු
දර්ශනයක් නොතිබුණේය. ධනපති ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික ව්‍යාපාරවල ක්‍රියාකාරකම් හා පෙළඹවීම් කම්කරු ජනයා අතර ව්‍යාප්ත විය.
1831 දී හා
1834 දී ප්‍රංශයේ විශාල කර්මාන්ත මධ්‍යස්ථානයක් වන ලියොන්හි කම්කරු නැගිටීම් ඇති
විය. 1830 දශකයේ දෙවැනි භාගයේ හා 1840 දශකයේ මුල් භාගයේදී එංගලන්ත කම්කරු පංතියේ
දේශපාලන විපලවවාදී ව්‍යාපාරාය වන චාට්ස්ට් ව්‍යාපාරය ආරම්භ වුණේය.
මාක්ස් ජීවත්
වූ ජර්මනිය දේශපාලන වශයෙන් කැබලිවලට බෙදී තිබුණේය. ආර්ථික වශයෙන් දියුණුවක්
නොතිබුණේය. ජර්මනියේ ජීවත් වූ කම්කරු ජනයා උපත ලබමින් තිබූ නව ධනපති පංතිය නිසාද,
ශේෂි වූ රදළ සම්බන්ධයක් නිසාද පීඩාවට ලක්වූහ. 1840 පමණ වනවිට ජර්මනියේ ජනයා තුළ
පීඩාකාරී අසතුටු හැඟීම් බෙහෙවින් වර්ධනය විය. ඒ නිසාම කම්කරු ව්‍යාපරය බිහි විය.
දේශපාලන ක්‍රියාවලියට
ඍජුවම සම්බන්ධ වීමට ගත් තීරණය විරුද්ධ පාර්ශවික කොටස් සාහිත්‍ය හා දාර්ශනික
කණ්ඩායම් ඇති කළේය. මේ කොටස් අතර වූ වාමාංශික හේගල් වාදීන්ට කාල් මාක්ස් සමීප විය.
Comments
Post a Comment