කාල් මාක්ස්
ගැන කියවන සෑම මොහොතකම මාක්ස්ගේ ප්‍රිය බිරිඳ ජෙනී පිළිබඳ ඇති වන ගෞරව සම්ප්‍රයුක්ත
ආදරණීය හැඟීමෙන් හිත බර වෙයි. ජෙනී වැනි පෙම්වතියක්, ජෙනී වැනි බිරිඳක් හිමි වන්නේ
කාල් මාක්ස් වැනි ශ්රේෂ්ඨයෙකුටම පමණකැයි මට සිතෙයි. මාක්ස් පිළිබඳ ලියන මා
මාක්ස්ටත් වඩා ජෙනීට ආදරණීය වීමේ අවිඥානික ආසාව සැබැවින්ම සැඟව ඇත්තේ කොතැනද? ජෙනී
සතු වූ අතිශ්‍ය රූමත් භාවයත්, උදාර ගතිගුණත්, ආදරණීය භාවයත් එකට සංකලනය වූ පසු
ස්ත්‍රිය පිළිබඳ කිසියම් වූ පරමාදර්ශ චරිතයක් මසිත්හි හොල්මන් කරන්නේය. ස්වාමි
පුරුෂයා අභිභවා යමින් සමතැන්, නිසිතැන් ඉල්ලා ව්‍යාජ රැඩිකල් භාවයන් පෙන්වමින්
අරගල කරන ස්ත්රීන්ට ආසියාතික මනෝභාවයන් සහිත අප වැනි පුරුෂයෝ ප්රියතාවයන්
නොදක්වති. ජෙනී සමතැන් නිසිතැන් ඉල්ලූ ව්‍යාජ රැඩිකල් ස්ත්‍රී වාදිනියක් නොවූවාය.
ස්වාමියා හා ඈ එක මගක ගමන් කළහ. ස්වාමියාගේ ගමන් මග හරස් කරන උන්ට ඈ චින්තනමය
බුද්ධියේ අවි අමෝරා සටනට පිවිසියාය. නිර්ධනයාට විමුක්තිය ලබාගත හැකි ගමන් මග පාදා
දුන් කාල් මාක්ස්ට යෝධ ශක්තිය ඈ ලබාදුන්නාය. ජෙනී, මාක්ස්ව සිහිකරන සෑම මොහොතකම මම
ඔබවද සිහි කරමි.
පියාගේ
තීරණයට අනුව මාක්ස් බොන් සරසවියෙන් ඉවත් කර බර්ලින් විශ්වවිද්‍යලයට ඇතුළත්
කරන්නේය. මාක්ස් බර්ලින් විශ්වවිද්‍යාලයට යාමට පෙර ජෙනී හා විවාහ ගිවිසගනු ලැබීය.
ඒ 1836 දීය. එතැන් සිට වසර හතක් යනතුරු ජෙනීට හා මාක්ස්ට එක වහලක් යට ජීවත්වීමේ
වාසනාව හිමි නොවිණි. ඔවුන් විවාහ ජීවිතය ආරම්භ කරන්නේ 1843 දීය. වසර හතක් පුරාවට
ඔවුහු තම ආදරය රැක ගත්හ. උසස් වංශවත් කුලයකට අයත් ධනවත් ජෙනී රැකියාවක් පවා නොමැති
උපාධි අපේක්ෂකයෙකු හා විවාහ වන්නට තීරණය කළාය. වංශවත් නෑදෑ පරපුරෙන් හා දෙමවුපියන්ගේ
විරෝධය විවාහය සඳහා පැමිණෙන බව ජෙනී දැන සිටින්නට ඇත. එහෙත් ඈ මාක්ස් හා විවාහ
වූයේ මාක්ස් සතු වූ අතිමහත් වූ බුද්ධිය හා උදාර ගතිගුණ නිසාය. නොයෙක් බාධක
කම්කටොලු මැද්දේ සත් වසරක් ඉවසමින් ඔවුන්ගේ ප්‍රේමණීය ආදරය සුරක්ෂිත කරනු ලබන්නට
ඇත්තේද එකිනෙකා කෙරෙහි වූ ගැඹුරු හැඟීම
විය යුතුය.
මාකස්ගේ
වැඩමහල් සොයුරිය වන සොපී මිතුරියක වූ ජෙනී හා තම මල්ලී වූ මාක්ස් අතර ප්‍රේමය දැන
සිටියාය. සොපී එය රහසක්ව රැක්කාය. ඇතැම් විට ඔවුන්ගේ ප්‍රේමයට සොපී උදව් කරන්නටද
ඇත. තමන්ට වඩා වසර හතරක් වැඩිමහල් සොයුරියගේ මිතුරියන් සමග ප්‍රේමයෙන් බැඳීම
විවාහකර ගැනීම සදාචාරවාදියෙකුට අනුව නොහොබිනා වැඩක් විය හැක. සිත් තුළ උපදින රාගය
සමග බැඳුණු ප්‍රේමය යටපත් කර දැමිය හැක්කේ කුමන සාදාචාරයකටද? ප්‍රේමණීය වූ රාගික
සිතුවිලි සිතට ආ කල්හි සියලු සදාචාරවාදී ගැට බුරුල් වන්නේය. බැමි කැඩෙන්නේය. ප්‍රේමය
එතරම් බලවත්ය. සොයුරියගේ මිතුරියන් සමග ලිංගික ක්‍රීඩා සිදු කිරීම පිළිබඳ, නිල්
චිත්‍රපට ශානරයක් වර්තමාන නිල් චිත්‍රපට ලෝකයේ තිබේ. එම චිත්‍රපට විශ්ලේෂණයකදී
කාල් මාක්ස්ව සම්බන්ධ කරගෙන කතාබහ කරන අයුරු අන්තර්ජාලයෙන් මම නැරඹුවෙමි. නිර්ධන පංතියේ
විමුක්තිදායක ශාස්තෘවරයා නිල් චිත්‍රපට විශ්ලේෂණයකට භාජනය වීම පුදුම සහගත නොවන්නේය.
මන්ද අප ජීවත් වන්නේ ධනවාදී ලෝකයක නිසාය. සංකීර්ණ වූ මානුෂික හැඟීම් සහිත ලෝකයක
නිසාය.
බර්ලින්
සරසවියේදී මාක්ස් දේශන මාලා සඳහා උනන්දුවක් නොදැක් වූ අතර, ස්වාධීනත්ව ස්වඅධ්යනය
සඳහා වැඩි කාලයක් යෙදෙව්වේය. ඔහු වැඩි වශයෙන් ඉගෙන ගත්තේ දර්ශනවාදය හා ඉතිහාසය යයි.
මාක්ස් සාහිත්‍යය හා කලාව ගැනද උනන්දු වූ අතර, ඉංග්‍රීසි හා ඉතාලි භාෂා හැදෑරුවේය.
නිර්මාණශීලී සාහිත්‍ය සඳහාද මාක්ස් බොහෝ කාලයක් යෙදෙව්වේය. මාක්ස් කවි ලියන්නට පටන්
ගත්තේය. මාක්ස් කවි ලිව්වේ ඇයි? ප්‍රේමවන්තයෝ සියල්ලෝම කවීහු වෙති. ප්‍රේමයෙන් සිත
ලෙඩ වෙයි. ජෙනී පිළිබඳ සිතේ උපදින ප්‍රේමණීය හැඟීමත් ඈ තමාගෙන් දුරස්ව සිටීමත්
මාක්ස්ගේ සිත රිදන්නට විය. මෙකල පෙම්වත්හු කොතරම් දුරස්ව සිටියද ඔවුනොවුන් සමීප
කිරීමට තාක්ෂණයට හැකි වී තිබේ. ජංගම දුරකථන, ස්කයිප් තාක්ෂණය ලෝකයේ ඕනෑම කෙළවරක
සිටින උන් සමීප කරවයි. රෑ එළිවන තුරු පෙම්බස් දෙඩීමටද හැකියාව තිබේ. එහෙත් මාක්ස්
ජීවත් වූ කාලය එසේ නොවේ. හදවත බර වෙමින්, හදවත රිදවමින් ජෙනීගේ සුන්දර මුහුණ මතකයට
නැගෙන විට කවි සංකල්පනා ලියනු මිස වෙන කුමක් ලියන්ද? දුරින් සිටින පෙම්වතිය ගැන
සිතමින් ආස්වාසජනකද? දුකකින් සිත පුරවා ගැනීමේ මිහිරියාව පැරණි පෙම්වත්හු හොඳින් දනිති.
මාක්ස් මේ
ආකාරයේ කවි සටහන් පොත් තුනක් ලිව්වේය. ඉන් පළමු වැන්න හා දෙවැන්න %ප්‍රේමයේ ගීතය^
(Book
of Song) ලෙස නම් කළේය. තුන් වැන්න %ගීතයේ පොත^ (Book of
Love) ලෙස නම් කළේය.
මේ පොත් ත්‍රිත්වයම
මගේ ආදරයට සහ සදාකාලික ප්‍රේමයට පාත්‍ර වූ ජෙනී වොන් වෙස්ට්පාලන්ට කැපකරමි කියා
මාක්ස් ලිව්වේය.
Comments
Post a Comment