මාක්ස් කියවමු 3
කාල්මාක්ස්
නම් වූ ශ්‍රේෂ්ඨ මිනිසාගේ බොහෝ ජීවන තතු කියවා අවිනිෂ්චිත අවසානයක් කරා එළඹ ශෝක
බරිත වූ සිතින් පසුවෙන මොහොතක මේ ලිවීම නිශ්චිතව කොතනින් පටන්ගත යුතු දැයි මට
නොවැටහෙයි. පසුගිය සතියේ ලිපිය අවසානය කරා එළැඹියේ කාල් මාක්ස් හා ඔහුගේ ප්‍රිය
බිරිඳ වූ ජෙනීගේ ප්‍රේම වෘතාන්තයට එබිකම් කරන බව සටහන් කරමිනි. කිසිදා
මාක්ස්වාදියෙකු විය නොහැකි මගේ දුර්වල මනස මේ මොහොතේ කාල් මාක්ස් දෙස හැඟීම් බරව බලමි.
එය මාක්ස් වාදයේ කෙළ පැමිණි බහුශ්‍රැතයන්ට නොරිසි විය හැකි වුවද, මේ මොහොතේ මාක්ස්
තුළ පැවති පිරිපුන් මනුෂත්වය, ප්‍රේමය, ආදරය, ලංකේය භූතලය මත ජීවත් වන මනුෂ්‍ය ප්‍රාණීන්ට
පරමාදර්ශයක් සපයන්නේය. බොහෝ විප්ලවවාදීහු මාක්ස්වාදය උගනිති. එහෙත් මාක්ස්ව
නොදනිති. බොහෝ කොට දුක් විඳ බුද්ධිමය ශ්‍රමය කැප කොට ප්‍රා‘යෝගිකව දේශපාලනයේ යෙදෙමින්
නිර්ධන පංතියේ ජනයාට මෙලොවදීම විමුක්තිය ලබාගත හැකි දර්ශනයක් ලොවට ඉදිරිපත් කළේ
කාල් මාක්ස්ය. නිර්ධන පංති ජනයා පමණක් නොව සමස්ත ලෝක ප්‍ර‘ජාවේ සිටින ජනී ජනයා අතිමහත්
වූ විනාශයක් කරා ඇදී යන මොහොතක ඉන් ගලවා ගත හැකි දර්ශනය, මතවාදය, අදහස ප්‍රායෝගික
වැඩපිළිවෙළ අඩු වැඩි වශයෙන් හෝ මාක්ස්ගේ දර්ශනය තුළ ඇත්තේය. සමස්ත ජීවිතයම උදාරතර
අරමුණක් වෙනුවෙන් කැප කොට මහා බුද්ධිමය ශ්‍රමයක් වගුරමින් සොයාගත් න්‍යාය දර්ශනය
පිළිබඳ අඹබල් රේනුවක දැනීමක් නොමැත්තෝ කාල් මාක්ස්ට ගරහති. බණිති. ජෙ.වී.පී. කරයෙකු
යැයි කියති. තරුණයන් අනිවාර්යෙන්ම කාල් මාක්ස් පිළිබඳව මූලික අවබෝධයක් ලබාගත
යුතුය. තරුණයන් ජාතිවාදීන් වූ විට කැතය.
අවලස්සනය. ගෝත්‍රිකය, තරුණයන් සමාජවාදී වූ විට ලස්සනය, සමාජය සුරක්ෂිතය, මනුෂික ය,
තරණයෝ සිංහලේ ස්ටිකර් ගසා ටී ෂර්ට් ඇඳ ඔබ මොබ යනවිට බියක් දැනෙයි. එහෙත් රතු කමිස
ඇඳ රතු ධජ ඔසවාගෙන යන තරුණයන් දකින විට සිත සතුටින් පිරෙයි. කවර පක්ෂයක් වුවද
මාක්ස් වාදය විශ්වාස කොට දේශපාලනයේ යෙදෙන තරුණයෝ උන්මත්තක
ජාතිවාදී සිංහලේ තරුණයන්ට වඩා ශ්‍රේෂ්ඨයෝ වෙති. සිංහලේ, දෙමළේ මරන්න ලේ නම්, ලේ
ඉල්ලා සිටින උන්මත්තක ජාතිවාදී මාරන්තික රෝගයෙන් බේරී වඩා මානුෂවාදීලෝකයක් තනන්ට නම් කාල් මාක්ස්ගේ
දර්ශනය පිළිබඳ මූලික අවබෝදයක් ලබාගත යුතුය. මාක්ස් ජීවත් වූ ආකාරය පිළිබඳව අවබෝදය
ලබාගත යුතුය. මාක්ස්ගේ දර්ශනය ගැන දැන කියා ගැනීමට ප්‍රථම, කාල් මාක්ස්ගේ ජීවන
චරිතයේ ස්වරූපය හඳුනා ගැනීමට දැන් අපි යොමු වෙමු.
තමාගේ පියා
හැරුණු විට තරුණ කාල් මාක්ස්ගේ ජීවිතයට විශාල බලපෑමක් ඇතිකළ අනෙක් පුද්ගලයා වූයේ
ලුද්විග් පොන් වෙස්ට්පාලන් නම් වූ සිටුවරයාය. ඔහු උසස් සංස්කෘතියකින්ද, පුළුල් වූ
දෘෂ්ටියකින් සමාජීය ප්‍රශ්න ගැන උනන්දුවක් දැක්වූ පුද්ගලයෙකු විය.
මනෝ රාජික
සමාජවාදියෙකු වූ සෙන් සීමොන්ගේ ඉගැන්වීම් ගැන මාක්ස් පළමුව දැන ගත්තේ මෙම
සිටුවරයාගේ ඉගැන්වීමෙනි. මෙම සිටුවරයා වෙන කිසිවෙකු නොව කාල් මාක්ස්ගේ බිරිඳ වූ ජෙනී
වොන් වෙස්ට්පාලන්ගේ පියාය. එසේම මාක්ස්ගේ මාමණ්ඩියයි, ජෙනී කාල් මාක්ස්ගේ වැඩි
මහල් සොහොයුරියගේ මිතුරියද වූවාය. ජෙනී උපත ලබන්නේ 1814 පෙබරවාරි දොළොස් වැනිදාය.
මාක්ස් උපත ලබන්නේ 1818 මැයි පස් වැනිදාය. ඒ අනුව ජෙනී, කාල් මාක්ස්ට වඩා අවුරුදු
හතරකින් පමණ වැඩිමහල් වූවාය. කාල් මාක්ස් හා ජොනී කුඩා කල සිටම දැන හැඳින එකට හැදී
වැඩුණේය. එකිනෙකා කෙරෙහි ආදයක් ඇති වන්නට ඇත්තේ කුඩා කලදීම යැයි සිතිය හැකිය. ප්‍රේමනීය
හැඟීම් සිත්හි හටගන්නේ කුල-ගෝත්‍ර, උස්-මිටිකම් වයස් පරතර නොතකමිනි. ඒ අනුව ප්‍රේමයට
ආර්ථික සාධකය මත ගොඩනැගෙන පංතිය බලපාන බවත්, ප්‍රේමයද පංතිමය ප්‍රේමයක් බවත් මාක්ස්වාදීන්
දරන පොදු අදහසය. ප්‍රේමය ජයගැනීමට පංතිය ප්‍රබල සාධකයක් වුවද, සිත්හි හටගෙන
සිත්හිම මියැදෙන ප්‍රේමයන් විඥානවාදයට අයිති දැයි මම නොදනිමි. භෞතිකයට තේරුම් ගත
නොහැකි යමක් ආධ්‍යාත්මයේ ඇතැයි හිතන්නටද, මාක්ස්වාදී භෞතිකවාදීන් ප්‍රතික්ෂේප කරන
විඥානවාදය තුළ ලෝකය තේරුම් ගැනීමේ යතුරක් ඇතැයි සිතන්නට මම ප්‍රිය වෙමි.
කාල් මාක්ස්
පෙම්වතිය ලෙස තොරාගත් ජෙනී වෙන්ට්පාලන්, ජර්මනියේ වංශවත් පවුලක හැඳීවැඩුණු රූමත්
තරුණියක වූවාය. පවුල් පසුබිමෙන්ම ආ උසස් සංස්කෘතිමය බලපෑම නිසාම ජෙනී කලාව හා
සාහිත්‍ය සම්බන්ධව ඉතා උසස් දැනුමකින් සන්නද්ධව සිටියාය. ජෙනී ස්වකීය මව් පාර්ශ්වයෙන්
ආර්ගායිල්ස්ක් නම් බලවත් වංශයට අයත් වූවාය. ඇගේ වැඩිමහල් සහෝදරයා පර්සියානු
ඇමතිවරයෙකුද විය.
කාල් මාක්ස්
ජෙනීට කෙතරම් ආදරය කළා දැයි දැනගත හැකි හොඳම සාක්ෂිය වන්නේ දහනම වියැති කාල් මාක්ස්
බර්ලින් විශ්වවිද්‍යාලයේ නීතිය හදාරමින් සිටියදී සිය පියාට යැවූ ලිපියක ජෙනී ගැන
මෙසේ සඳහන් කර තිබීමය. (මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මහතාගේ %මාක්ස්වාදී රචනා^
කෘතිය කියවන්න.)
“අවසන්
වශයෙන් කිසිදු කලාත්මක නිර්මාණයක් ජෙනී තරම් සුන්දර නොවීය.*
“ආදරණීය
තාත්තේ, ජෙනීගේ අසනීපය නිසා මාතුළ ඇතිවූ සිත්තැවුල මගේ බුද්ධිමය ප්රයාසයන්හි
නිරර්ථක භාවය හා මගේ පරමාදර්ශය මා වෛර කරන දර්ශනයක් බවට පත්වීමෙන් මා තුළ ඇතිවූ
විනාශකාරී කෝපය මා ඔබට දන්වා ඇති පරිදි මා රෝගියෙකු බවට පත්කරනු ඇත.*
“ආදරණීය
සුපෙම්වත් ජෙනීට මගේ ආදරය පිරිනමන්න. මා මේ වනවිට ඇගේ ලිපිය දොළොස් වතාවක් කියවා
ඇති අතර, එය කියවන වාරයක් පාසා එය මට අලුත් මිහිරක් ගෙනඑයි. ශෛලියද ඇතුළුව සැම අංශයකින්ම
සලකන කළ එය මෙතෙක් ගැහැනියක විසින් ලියන ලද සුන්දරතම ලිපියයි.*
සියලු මනුෂ්‍ය‘යෝ
ප්‍රේමයේදී උන්මාදයට පත්වෙති. බොළඳ වෙති. හැඟීම්බර වෙති. කිසිදු විද්‍යාවකින් ප්‍රේමනීය
හැඟීම නිවැරදිව විග්රහකර දැක්වීමට හැකිවෙතැයි මම නොසිතමි. අප කතා නායක මාක්ස්ද ප්‍රේමයේදී
ආයාසයකින් මවාගත් පණ්ඩිතමානී භාවයක් වෙනුවට ප්‍රේමයේදී අව්‍යාජ වූයේය. පියාට යවන
ලිපියේ දාර්ශනික කරුණු කාරණා බොහෝමයක් ලියාදක්වන මාක්ස්, ඒවා අතරින් පැන නගින
පෙම්වතිය පිළිබඳව වූ අතිමහත් ප්‍රේමයද ප්‍රේමය තුළින් හට ගන්නා හැඟීම් බර සිතුවිලිද
ලියා දක්වන්නේය. දහදොළොස් වර පෙම්වතියගේ ලිපි කොට්ට අස්සේ, පොත් අස්සේ දමා කියවන
බොළඳ පෙම්වතාගේ භූමිකාවෙන් තරුණ කාල්මාක්ස්ද ගැලවී නැත්තේය. මාක්ස්ටත් වඩා
මාක්ස්වාදීව සිටින ලාංකේය මාක්ස්වාදීන් කාල් මාක්ස් බොළඳ පෙම්වතෙකු ලෙස පැවසීම ගැන
කෝපවනු ඇත. ඔවුනට අවශ්‍ය කාල් මාක්ස් ප්‍රේම‘යේදීත්, දරුවන්ට දැක්වූ ආදරයේදීත්,
පණ්ඩිතමානී බහුශ්රැතියෙකු ලෙස හැසුරුණු බව පෙන්වීමට දැයි මම නොදනිමි. භෞතිකවාදීහු
දුකටපත් නොවෙත්ද, ප්‍රේමයේදී බොළඳ වදන් නොදොඩා දෛලෙක්තිය හෝ ඓතිහාසික භෞතිකවාදය
ගැන දොඩයිද? මාක්ස් නම් එසේ නොවෙයි. ඔහු පොදු මනුෂ්‍යයා මුහුණ දෙස සියලු දුක්ඛ
දෝමනස්සයන්ට මුහුණදෙමින් ඒ හැඟීමෙහි අව්‍යාජව ජීවත් වූවෙකි. මා දැන් ප්‍රාග්ධන කෘතිය
ලියූ මහා කතුවරයාණෝය. වියතාණෝය. ඒ නිසා මගේ ප්‍රේමනීය හැඟීම්ද බහුශ්‍රැත දාර්ශනීය
විය යුතු යැයි සිතා දරුවන් හෝ බිරිඳ අතහැර දමා ජීවත් වුවෙකු නොවීය. කාල් මාක්ස්
මැරෙන මොහොත තෙක් දරු මුණුබුරන් සමග මානුෂික සාරයෙන් යුතු ළෙන්ගතු ජීවිතයක් ගත
කළේය.
Comments
Post a Comment