මාක්ස් කියවමු 02 තරුණයා පුවත් පත 2016 පෙබරවාරි 06
කාල් මාක්ස් උපන් වර්ෂයත්, මියගිය වර්ෂයත්, ඔහුගේ
බිරිඳගේ නමත්, තම දූ දරුවන් සංඛ්‍යාවත්, ජීවත් වූ රටවල් ගණනත් කට පාඩමින් දැනගත්
පමණින් මම කාල් මාක්ස්ව දන්නවා යැයි කිව නොහැක. එම තොරතුරු දැනුම, සාමාන්‍ය
දැනීමේ තරගයකට නම් ප්‍ර‘යෝජනවත් විය හැකිය. ඒ නිසා අප කාල් මාක්ස් නම් වූ ශ්‍රේෂ්ඨ මනුෂයා පිළිබඳ තොරතුරු ඔස්සේ කියවා ගත යුත්තේ
කුමක්ද? ඔහුගේ අව්‍යාජ, නිහතමානී ජීවන විලාසයයි. බිරිඳට දැක්වූ අතිමහත්වූ ප්‍රේමයයි.
පියෙකු වශයෙන් දරුවන්ට දැක්වූ ආදරයයි. මනුෂ්‍යය සම්බන්ධතා හිදී ඔහු දැක්වූ අවංක
භාවයයි. මනුෂ්‍ය‘යෙකු ලෙස බොහෝ දුක්ක දෝමනස්සයන්ට මුහුණදුන් මේ අසාමාන්‍ය බුද්ධිමය
චින්තනයක් සහිත කාල් මාක්ස්ගේ චරිතය හැදෑරීමෙන් ජීවිතය දෙස බැලීමේ නව කවුළුවක්
විවර වන්නේය. එම කවුළුවෙන් අපට වර්තමාන දේශපාලනේ කාල්මාක්ස් පෙකනි වැල කැපුවා සේ
හැසිරෙන ව්‍යාජ විප්ලවවාදීන්ගේ සැබෑ ස්වරූපය හඳුනා ගැනීමට හැකිවනු ඇත. කාල්මාක්ස්
විසින් ගොඩනගන ලද න්‍යාය, මතවාදය, දර්ශනය,
හඳුනාගැනීමට ප්‍රථම කාල්මාක්ස් නම් මනුෂ්‍යයා මනුෂ්‍ය සම්බන්ධතා පැවැත්වූ ආකාරය
පිළිබඳ අවබෝධය ලබාගත යුතුය. බොහෝ නූතන විප්ලවවාදීහු, මාක්ස්වාදීහු මනුෂ්‍යය
සම්බන්ධතාවන්හිදී මෙන්ම පාරිභෝජනවාදී ක්‍රමය තුළදී කුහකයෝ වෙති. දෙබිච්චෝ වෙති.
අමුතු වෙති. පොරවල් වෙති. තමන්ට වඩා කෙනෙක් නැතැයි සිතති. එහෙත් කොමියුනිස්ට්වාදයේ...
මාක්ස්වාදයේ.... ඓතිහාසික භෞතිකවාදයේ පියාණෝ එසේ නොවෙති. කාල්මාක්ස් ගැඹුරුය.
සරලය. නිහතමානීය.
1818 වර්ෂයේ මැයි 05 වැනිදා ට්‍රයර් නගරයේ උපත ලැබූ
කාල්මාක්ස් අවුරුදු 65ක් පමණ ජීවත් විය. හැටපස් වසරක් ජීවත් වූ කාල්මාක්ස්
වර්තමානයට ගෙනා ආ යුතුය. %තරුණයා^ පුවත්පතේ අච්චු අකුරු තුළට ගෙනා ආ යුතුය.
කාල්මාක්ස් ස්වකීය ජීවිත කාලය තුළ කළ කී දෑ සියල්ල දැන් තිබෙන්නේ අතීතයේය. මේ
භෞතික ශරීරයෙන් මට අතීතයට ගොස් කාල්මාක්ස් හමුවිය නොහැකිය. ඔහු කළ කී දෑ නරඹා
වර්තමානයට පැමිණිය නොහැක. එසේ නම් කාල්මාක්ස්ගේ ඉතිහාසයට මා යා යුත්තේ ඔහු පිළිබඳව
ලියැවී ඇති තතු පරිශීලනය කිරීමෙනි. මාක්ස්ගේ ශරීරය භෞතිකව හමුවූ සියල්ලන් අද වනවිට
ඇත්තේ මළවුන් අතරය. කාල්මාක්ස්ගේ මරණින් පසු ඔහු පිළිබඳව හෘදයාංගවම ලිපි පළ කළ,
මාක්ස්ව හමුවූ සියල්ලන්ම මිය ගොස් ඇත.
ජීවිතය පුදුම සහගතය. මරණයකදී දුක් වන්නෝද මිය යති.
ඉතිහාසය යනු නිශ්චිත වූ සනීබවනය ස්ථිර වූ දෙයක් නොවේ.
ඓතිහාසික තොරතුරු පැමිණෙන්නේ එය ආමන්ත්‍රණය කරන්නාගේ උවමනාවට සරිලන ආකාරයෙනි.
ඉතිහාසය සම්බන්ධව පූර්ව නිගමන හිසින් ගෙන එම නිගමන ඔප්පු කිරීමට සාධක සොයන කල එම
සාධක ඉතිහාසයෙන් අපට හමුවන්නේය. එවිට එම ඉතිහාසය නිවැරදි යැයි සිතෙයි. ඔප්පු
කිරීමට සාධක ඕනෑ තරම් සොයාගත හැක. ඔබට තිබෙන්නේ ඔප්පු කිරීමට අවශ්‍ය පූර්ව නිගමනය
තුළ සිටීම පමණි.
ඉතිහාස අධ්‍යයනයේදී වඩාත් නිවැරදි ක්‍රමය වන්නේ, ඇති
තරම් සාධක සොයා පූර්ව නිගමනයකට එළඹීමය. බහුමානයකින් ඉතිහාසය දෙස බැලීමය. පූර්ව
නිගමන අතහැර ඉතිහාසය පිරික්සීමය. මහාවංශය, ඉතිහාසය පිළිබඳ සත්‍යයම පවසන්නේ යැයි
හිතුවොත් අපට හමුවන්නේ මහාවංශ‘යේ ඉතිහාසයයි. දුටුගැමුණු රජතුමා වීරයා වූ
ඉතිහාසයයි. අපගේ කැමැත්තට අනුව අපගේ ජාතිය රැකීම අරමුණු කොටගත් ප්‍රබන්ධයක් බඳු
ඉතිහාස කතන්දරයක් අප ඉදිරියේ තිබේ. ඉතිහාසය පිළිබඳ කාල්මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදය
ඔස්සේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් අපි දැන් කාල්මාක්ස් දෙසට හැරෙමු.
දැන් මා කාල්මාක්ස් සම්බන්ධයෙන් ලියවී ඇති තොරතුරු සරණ
යමි.
කාල්මාක්ස් උත්පත්තිය ලබන්නේ ජර්මනියේ යුදෙව් පවුලකය.
එකල ජර්මනියේ තත්ත්වය පිළිබඳවද කෙටියෙන් සඳහන් කළ යුතුව තිබේ. 1815 දී නැපෝලියන්ගේ
අධිරාජ්‍ය පරාජය වීමෙන් ජර්මනිය රාජ්‍යයන් තිස් අටකට බෙදී තිබුණේය. එයින් මාක්ස්
උපත ලබන්නේ පර්සියානු රාජ්‍ය‘යේ ට්‍රියෙර් නගරයේය. රයින් ප්‍ර‘දේශයේය. කාල්මාක්ස්ගේ
පියා හෙන්රිහ් මාක්ස්ය. ඔහු වෘත්තියෙන් නීතිඥ‘යෙකු වූයේය. කාල්මාක්ස්ගේ බාලම
දියණිය වන එලෙනොර් තම සීයා ගැන දෙමවුපියන් පැවසූ බව සටහන් කරමින් කියා තිබෙන්නේ
හෙන්රිහ් මාක්ස් සැබෑ ප්‍රංශකාරයෙකුව සිටි බවයි. ඒ අනුව කාල් මාක්ස්ගේ පියා ප්‍රංශයේ මහා බුද්ධිමතෙකුගේ බලපෑමට හසු වී
තිබුණු බව පැවසිය හැකිය. වෝල්ටයර්ගේ හා රූසෝ ගේ කෘතෘ ඔහු කටපාඩමින් දැන සිටියේය.
එකල ජර්මනියේ සමහර තනතුරු හා වෘර්තීන් යුදෙව් ජාතිකයන්ට තහනම් වූ බැවින් කාල්මාක්ස්ගේ
පියා ස්වකීය ආගම අතහැර ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගම වැලඳ ගත්තේය. එසේ කරන
ලද්දේ තමන්ගේ නීතිඥ වෘත්තීය රැකගැනීම වෙනුවෙනි. කාල්මාක්ස් ස්වකීය පියාට ආදරය කළ
අතර, ඔහුව උසස් ලෙස අගය කළ බවද පැවසෙයි. පියාගේ නීතිවේදී කුසලතා, ආත්ම ගෞරවය සහිත
ස්වාධීන මිනිසෙකු ලෙස ජීවත් වීමත් කාල්මාක්ස්ගේ ආදරයටත්, ගෞරවයටත් හේතු විය.
කාල්මාක්ස්ගේ මව වූ හෙන්රියෙට්ටා මාක්ස් ඕලන්දයේ උපත
ලැබූ සාමාන්‍ය කාන්තාවක් වූවාය. කාල්මාක්ස්ගේ පවුලේ පිරිමි දරුවන් හතර දෙනෙකුද,
ගැහැනු දරුවන් පස් දෙනෙකුගෙන්ද සමන්විත වූ විශාල පවුලක් විය. දරුවන්ගේ සියලු
කටයුතු වෙනුවෙන් කාල්මාක්ස්ගේ අම්මා සම්පූර්ණ කාලය කැප කළාය. වැඩිමහල් පුතා වූ
මොරිස්ගේ මරණයෙන් පසු දෙමවුපියන්ගේ බලාපොරොත්තුව හා ආදරණීය පුත්‍රයා බවට පත්වූයේ
කාල්මාක්ස්ය.
කාල්මාක්ස් ප්‍රාථමික
හා ද්විතීක අධ්‍යාපනයෙන් පසුව පියාගේ බලපෑම මත 1835 දී නීතිය හැදෑරීම සඳහා
බොන් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යා අංශයට ඇතුළත් වූයේය. ඔහු එහිදී නීතිය පිළිබඳ
දේශනවලට පමණක් නොව සාහිත්‍යය, සෞන්දර්ය, කලා ශිල්ප පිළිබඳ දේශන ඇසීමටද ගියේය. බොන්
විශ්වවිද්‍යාලයේ වසරක් ඉගෙන ගත් මාක්ස්, නීති විෂය පිළිබඳ ඉගෙනීමෙන් කලකිරීමට
පත්විය. ඉන්පසු ඔහු දර්ශන විෂය හැදෑරීමට බර්ලින් විශ්වවිද්‍යාලයට ගියේය. 1841
වර්ෂයේදී ස්වභාවය පිළිබඳව ඩිමොක්‍රීටස් සහ එපිකියුරස්ගේ දර්ශනයන්හි වෙනස්කම්^
යනුවෙන් බර්ලින් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ නිබන්ධනයට කාල්මාක්ස්ට ආචාර්ය උපාධිය
හිමිවිය.
යෞවන වියේදී කාල්මාක්ස් විසින් ලියන ලද වෘත්තියක් තෝරා
ගැනීමේදී තරුණයෙකුගේ සංකල්පනා යනුවෙන් හැඳින්වූ ලිපිය මාක්ස්ගේ ආධ්‍යාත්මය හෙළිකළ
ලිපියක් විය. එය කාල්මාක්ස් ට්‍රීයෙර් විදුහලේ අවසාන විභාගයේ දී ලියූ රචනයකි.
මාක්ස්ගේ එම රචනය අනෙක් රචනාවලට වඩා අර්ථයෙන් හා අවංකභාවයෙන් පරිපූර්ණ වූයේය. මෙම
රචනයෙන් මාක්ස් සතුවූ ප්‍රඥාව හා උසස් ආධ්‍යාත්මික ගුණය පිළිබිඹු වූයේය.
%මිනිස් වර්ගයාට සේවය කිරීම පිණිස උපරිම වශයෙන් අපට
සේවය කළ හැකි ක්ෂේත්‍රයක අපි වෘත්තියක් සොයා ගනිමු^ යන්න එහි ප්‍රකාශිත අදහස විය.
ජීවන වෘත්තිය සොයා ගැනීමේදී මාක්ස්, පුහුමාන්නය, අහංකාරය, උසස් තත්ත්ව ලබාගැනීම
සඳහා දරන උත්සහය, අවඥවෙන් බැහැර කරන්නේය. මිනිස් වර්ගයාට පරාර්ථකාමීව සේවය කිරීම
සිය අරමුණ ලෙස දකින්නේය.
කාල්මාක්ස්ගේ ජීවිතය දෙස බැලීමෙන් ඔහු සතුවූ පරිත්‍යාගශීලී
බවත්, උදාර බවත් පොදු ජනයාගේ විමුක්තිය වෙනුවෙන් වැඩ කිරීමත් හඳුනා ගැනීමට
හැකිවෙයි. ඔහුගේ ප්‍රියතම ප්‍රකාශනය වූයේ පොදු ජනතාව සඳහා වැඩ කිරීම යන්නය.
කාල්මාක්ස් විසින් ලියන ලද ඉහත සඳහන් රචනය මහාචාර්ය
ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතා විසින් රචිත මාක්ස්වාදී රචනා කෘතියෙන් පළ කර තිබේ.
කාල්මාක්ස් විසින් අවුරුදු දහනවයේදී සිය පියාට යැවූ ලිපියද එම කෘතියේ පළ කර තිබේ.
කාල්මාක්ස් හා ජෙනී අතර වූ ප්‍රේමය නූතන ප්‍රේමවන්තයන්ට
පරමාදර්ශයකි. නොයෙකුත් දුක් කරදරයන්ට මුහුණදෙමින් දරු පවුල රැකගත් කාල්මාක්ස් හා
ජෙනීගේ ජීවන වෘතාන්තය දෑස් කඳුළින් නෙත් කරන්නේය. මේ මහා දාර්ශනිකයා, චින්තකයා,
භෞතිකවාදියා ජෙනී නම්වූ ප්‍රේමවන්තියටද, ජෙනී නම් වූ බිරිඳටද දැක්වූ ප්‍රේමය,
ආදරය මරණය තෙක් එකසේ පවත්වා ගෙන ආවේය. එම ජීවන වෘතාන්තය අපගේ නැණ පමණින් පිරික්සා
බලමු.
Comments
Post a Comment