මාක්ස් කියවමු 3
කාල්මාක්ස් නම් වූ ශ්‍රේෂ්ඨ මිනිසාගේ බොහෝ ජීවන තතු කියවා අවිනිෂ්චිත අවසානයක් කරා එළඹ ශෝක බරිත වූ සිතින් පසුවෙන මොහොතක මේ ලිවීම නිශ්චිතව කොතනින් පටන්ගත යුතු දැයි මට නොවැටහෙයි. පසුගිය සතියේ ලිපිය අවසානය කරා එළැඹියේ කාල් මාක්ස් හා ඔහුගේ ප්‍රිය බිරිඳ වූ ජෙනීගේ ප්‍රේම වෘතාන්තයට එබිකම් කරන බව සටහන් කරමිනි. කිසිදා මාක්ස්වාදියෙකු විය නොහැකි මගේ දුර්වල මනස මේ මොහොතේ කාල් මාක්ස් දෙස හැඟීම් බරව බලමි. එය මාක්ස් වාදයේ කෙළ පැමිණි බහුශ්‍රැතයන්ට නොරිසි විය හැකි වුවද, මේ මොහොතේ මාක්ස් තුළ පැවති පිරිපුන් මනුෂත්වය, ප්‍රේමය, ආදරය, ලංකේය භූතලය මත ජීවත් වන මනුෂ්‍ය ප්‍රාණීන්ට පරමාදර්ශයක් සපයන්නේය. බොහෝ විප්ලවවාදීහු මාක්ස්වාදය උගනිති. එහෙත් මාක්ස්ව නොදනිති. බොහෝ කොට දුක් විඳ බුද්ධිමය ශ්‍රමය කැප කොට ප්‍රා‘යෝගිකව දේශපාලනයේ යෙදෙමින් නිර්ධන පංතියේ ජනයාට මෙලොවදීම විමුක්තිය ලබාගත හැකි දර්ශනයක් ලොවට ඉදිරිපත් කළේ කාල් මාක්ස්ය. නිර්ධන පංති ජනයා පමණක් නොව සමස්ත ලෝක ප්‍ර‘ජාවේ සිටින ජනී ජනයා අතිමහත් වූ විනාශයක් කරා ඇදී යන මොහොතක ඉන් ගලවා ගත හැකි දර්ශනය, මතවාදය, අදහස ප්‍රායෝගික වැඩපිළිවෙළ අඩු වැඩි වශයෙන් හෝ මාක්ස්ගේ...
Comments
Post a Comment