මාක්ස් කියවමු 9
කාල්මාක්ස්ගේ නම ඇසූ සැණින් මාක්ස් ගැන නොදන්නා බොහෝ
දෙනාගේ සිත් තුළ භීතියක්, විනාශකාරී හැඟීමක් මතුව එන බව මම දනිමි. මාක්ස් යැයි
උච්චාරණය වනවිට ටයර් සෑ මත දැවී අළුවූ මළ සිරුරුද, ගංඟා ඇළ-දොළ තුළ සතුන්ගේ ආහාර
බවට පත්ව පාවී යන විකෘතිවූ මළ සිරුරද සිහියට නැගෙයි. මාක්ස් යැයි උච්චාරණය වනවිට
නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ නැදෑ හිතමිතුරන්ද, රටේ ප්‍රකව
සිටි මිනිසුන්ද සිහියට නැගෙයි.
තවද, මාක්ස් කියූ සැණින් තුන්ඩු කැබැල්ලකින් කඩ සාප්පු
වසා රට තුළ නිල නොලත් ඇදිරිනීතිය පැනවූ ආකාරයද, බස්රථද, ට්‍රාන්ස්ෆෝමර්ද ගිනි තැබූ
ආකාරයද සිහියට නැගෙයි. මාක්ස් කියූ සැණින් ගොඩනැගෙන මේ අඳුරු චිත්‍රය අපගේ නැණ පමණින්
හා හැකි පමණින් වෙනස් කිරීම අරභයා මේ ලිපි රචනා කරන අතර, මාක්ස්වාදි දර්ශනය හා න්‍යාය
පිළිබඳ විස්තරය ඉදිරියේදී ලිවීමට මම බලාපොරොත්තු වෙමි.
මිනිසා ආර්ථික වශයෙන් සුරක්ෂිත විය යුතුය. ආත්මගෞරවයක්
සහතිව ජීවත් වීමට තරම් වැටුපක් ලැබිය යුතුය. දරු මුණුබුරන් සමග විවේකයෙන්
විනෝදයෙන් ජීවත් විය හැකි සංස්කෘතිමය පරිසරයක් නිර්මාණය වී තිබිය යුතුය. අධ්‍යාපනය,
සෞඛ්‍ය, ගමනාගමනය අවුල්සහගත භාවයෙන් තොරව නිර්මාණය වී තිබිය යුතුය. මේ සියල්ල අඩු
වැඩි වශයෙන් පැවතීම, සමාජය කුමන ස්වරූපයකින් පවතිනවාද යන්න තීරණය කරනු ලබන සාධක
බවට පත්වෙයි. මේ සියල්ලේ යහපැවැත්ම වෙනුවෙන් පෙනී සිටින මතවාදය, ක්‍රියාවලිය
මානවාදය ලෙස හඳුන්වයි. මාක්ස්වාදය මානව වාදයක් වන්නේ එය මිනිසාගේ යහපැවැත්ම හා
යහපත් මනුෂ්‍ය සම්බන්ධතා සහිත සමාජයක් නිර්මාණය කරන නිසාය.
එහෙත් අප රටේ මාක්වාදය යනුවෙන් උගන්වා ඇත්තේ මාක්ස්ගේ
සටන්කාමී දේශපාලන භාවිතය පමණක් යැයි මට සිතෙයි. ධනවාදය තුළ දිවි ගෙවන මනුෂ්‍ය‘යෝ
අප්‍රමාණ අසාධාරණයට, ආර්ථික අපහසුතාවලට, මනුෂ්‍ය සම්බන්ධතා බිඳ වැටීම්වලට, ජාතිවාදි
උමතු වුවමනාවන්ට පාවිච්චි වෙති. මාක්ස් ධනවාදී සමාජය පිළිබඳ බරපතළ විවේචනයක්
කරමින් මානවවාදී සමාජයක් නිර්මාණය කරන අයුරු පහදා දුන්නේය. මාක්ස්ද මානව වාදය
පිළිබඳ දේශකයෙකු නොවී ප්‍රා‘‘යෝගික භාවිතය තුළම හඳිමින් මානවවාදි වූයේය. මාක්ස්
ජෙනීට හා දෙමවුපියන්ටද, දරුවන්ටද දැක්වූ ආදරය අසරණ මිනිසුන්ට හා කුඩා දරුවන්ට
දැක්වූ කරුණාවද මාක්ස් තුළ වූ මානවවාදි මිනිසා පෙන්වන කැඩපතක් බඳුය.
මාක්ස් වාමාංශික හේගල්වාදීන් සමග එකතු වීමත් සමග ඔහු
තුළ වූ රොමැන්ටික්වාදී කවියා පළා ගිය බව හඳුනාගත හැකිය. නිර්මාණවාදී සාහිත්‍ය‘යෙන්
බැහැර වන මාක්ස් දර්ශනය වෙත යොමු වන්නේය.
ජර්මන් දර්ශනවාදයේ ශ්‍රේෂ්ඨතමයාවූ හේගල් වෙත මාක්ස්
සමීප වූයේ හේගල් අංග සම්පූර්ණ ලෝක දෘෂ්ටියක් සකස් කිරීමට උත්සාහ දැරූ නිසාය. හේගල්
විසින් ඉදිරිපත් කළ අපෝහක ක්‍රමය මාක්ස් පිළිගත්තද, එය විඥනවාදී විය. හේගල් විසින්
ඉදිරිපත් කළ අපෝහකය එසේත් නැතිනම් දෛලෙක්නිය පිළිබඳ කෙටියෙන් පැවසුවහොත් මෙසේය.
හේගල් විසින් ඉදිරිපත් කළ පරම විඥ්ඥානය, එසේත් නැතිනම්
නිරපේක්ෂ සංකල්පය අවසාන වශයෙන් දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසයම විය. හේගල් විසින්
දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසයට දාර්ශනික පදනමක් ලබා දුන්නේය. හේගල්ට අනුව පරම විඥ්ඥානය
එක් එක් ආයතන මගින් ප්‍රකාශ වෙයි. පිළිඹිබු වෙයි. මෙය සිදුවන්නේ එක්තරා ක්‍රමයකට
බවත්, එය අපෝහක ක්‍රමය (Dialetic Method) ලෙසත් හේගල් හැඳින්
විය. පරම විඥ්ඥානය පියවරයෙන් පියවර විකාශය වන අයුරුත් හේගල් පහදා දුන්නේය.
පරම විඥ්ඥානය පළමුවෙන් කිසියම් ආයතනයක් මගින් පිළිඹිබු
වනවිට එය වාදය (Thesis) ලෙස හැඳන්වේ.
මෙම වාදය ටික කලක් ගිය පසු ඊට ප්‍රතිවිරුද්ධ බලවේග
ගොඩනැගෙයි. එය ප්‍රතිවාදය (anti – thesis) ලෙස හැඳින්වේ.
වාදය හා ප්‍රතිවාදය අතර ගැටුමක් ඇති වීමේ ප්‍රතිඵලයක්
ලෙස පරම විඥ්ඥානයේ අලුත් තත්ත්වයක් ඇති වෙයි. එය සහවාදය (synthesis) ලෙස හඳුන්වයි.
මේ
ආකරයට පරම විඥානය පියවරෙන් පියවර විකාශනය වන අතර, එහි අවසාන පියවර රාජ්‍ය බව හේගල්
පැවසුවේය.
පසු
කලෙක ඓතිහාසික භෞතිකවාදය ගොඩනැගීමට මාක්ස් අපෝහක ක්‍රමය භාවිතයට ගත් අතර, හේගල්ගේ අපෝහක ක්‍රමය ඔළුවෙන් සිටගත් එකක් යැයි
පැවසුවේය. සමාජ ඉතිහාසය, පංති අරගලයේ ඉතිහාසය ඔප්පුකර පෙන්වීමට මාක්ස් විද්‍යාත්මක
චින්තනයකින් අපෝහක ක්‍රමය යොදා ගත්තේය. එය ඔළුවෙන් සිටගෙන සිට හේගල්ගේ අපෝහක ක්‍රමය
දෙපයින් සිටුවීමක් විය.
එකල
හේගල්ගේ අනුගාමිකයෝ කොටස් දෙකකට බෙදී සිටියෝය. දක්ෂිණාංශික හේගල්වාදියෝ ගතානුගතික
සාම්ප්‍රදායික දේශපාලන මතයට පක්ෂ වූ අතර,
යෞවන හේගල්වාදියෝ අපෝහක ක්‍රමය පදනමි කර ගනිමින් රැඩිකල්වාදී ප්‍ර‘වේග වෙත පැමිණීමට
උත්සාහ දැරුවේය. කාල් මාක්ස් සිටියේ යෞවන හේගල්වාදීන් සමගය. එවකට ජර්මන්යේ පැවති
ප්‍රතිගාමී ක්‍රමයට විරුද්ධව විවේචන ඉදිරිපත් කළේය. ඉන් ප්‍රධාන වූයේ ආගමයි. ආගමික
මතයන්ට බිය වද්දමින් ජනයා පාලනය කිරීම හා රාජ්‍ය පාලනයට අවශ්‍ය මතවාදය ආගමි
ලබ්ද්ධිය ඔස්සේ ගෙන ඒම යෞවන හේගල්වාදීහු දැඩිව විවේචනය කළහ.
යෞවන
හේගල්වාදීන්ගේ මතවාදය ගොඩනගන මධ්‍යස්ථානය බවට පත් වූයේ බර්ලින් හි ආචාර්යවරුන්ගේ
සමාජයයි. බ්රෑනෝ හා එඩ්ගර් බවර් සොහොයුරන් හඳුනා
ගැනීමෙන් පසු මාක්ස් එම සමාජයට ඇතුළත් විය.
එම
සමාජය තුළ දී මාක්ස් පෙන්වූ අසමසම වූ
බුද්ධිමය, චින්තනමය ප්‍රභාව බහුශ්‍රැත භාවය නිසාම සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර විය.
මාක්ස් නම් වූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා චින්තනමය ප්‍රභාව ගැන යෞවන හේගල්වාදීන්ගේ ප්‍රධානියෙකු
වූ එම් හෙස් සිය මිත්‍ර අවර්බාප්ට 1841 දී මාක්ස් ගැන
මෙසේ ලිව්වේය.
“ඔහු ගැඹුරුතම
දාර්ශනික බැරූරුම් භාවයක් සහ සියුම් ප්‍රඥාවකින් හෙබි අයෙකි. ඔහු රූසෝ, වෝල්ටයර්,
ගොල්බාහ් ලෙසි හයිනේ සහ හෙගල්ගේ සම්මිශ්‍රණයක් ලෙස සිතා ගන්න. මා මෙහිදී කියන්නේ
සම්බන්ධ වීමක් මිස හුදු යාන්ත්‍රික කවලම් වීමක් ගැන නොවේ. ආචාර්ය මාක්ස් ගැන ඔබට
එනයින් සිතා ගත හැකියි.*
(කාල් මාක්ස් ජීවන චරිතය - යෙව්ගේනියා ස්නෙපානොවා)
Comments
Post a Comment