මාක්ස් කියවමු 05
පාසල්
ජීවිතයට සමුදීමෙන් පසු මාක්ස් 1835 ඔක්තෝබර් මාසයේදී ප්‍රාදේශීයව පැවැති බොන්
විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.
නිවසේ සිට
බොන් සරසවියට යාම දීර්ඝ ගමක් විය. පවුලේ පිරිස උදෑසන හතරට අවදිව, මාක්ස් විශ්වවිද්‍යාලයට
යාමට සූදානම් වන ආකාරය දෙස බලා සිටියහ.
නිවසේ සිටි
බොන් සරසවියට යාමට පැය දාසයක් පමණ ගත විය. ශිෂ්‍යයන් හත්සීයක් පමණ අධ්‍යාපනය
ලැබූ බොන් සරසවිය රයින් ප්‍රදේශයේ බුද්ධිමතුන් බිහිකරන මධ්‍යස්ථානයක් විය. මුල් කාලයේදී
සාහිත්‍යය හා දර්ශනවාදය ජනප්‍රිය විෂයක් බවට පත්වී තිබුණ අතර, දේශපාලනය පිළිබඳව
යම් තරමකට එහිදී සාකච්ඡා කෙරුණි. 1830 පමණ වනවිට ජර්මනිය තුළ නිදහස් අදහස් ප්‍රකාශ
කිරීම හා ආණ්ඩු විරෝධී ක්‍රියාදාමයක් ආරම්භ වී තිබුණි.
මාක්ස් බොන්
සරසවියේ නීති පීඨයට ඇතුළත් වී වසරක පමණ කාලයක් එහි අධ්‍යාපනය ලැබුවේය. මාක්ස්
අවුරුද්දේ මුල් කාර්තුවේ දී ඉතා උනන්දුවෙන් අධ්‍යාපනය ලැබුවේය. මුල් අවස්ථාවේදී
පාඨමාලා නමයක් අධ්‍යනය කළ අතර, පසුව පියාගේ උපදෙස් මත පාඨමාලා හයකට එය සීමාකර
ගත්තේය. ඉන් තුනක් සාහිත්‍යයමය විෂයන් වූයේය. වාර අවසාන ප්‍රගති වාර්තාවට අනුව
මාක්ස් එම විෂයන් ඉතා උනන්දුවෙන් හදාරා ඇති බව පියා දැන ගත්තේය.
ජෙනීගේ පියාගේ
ඇසුර නිසා මාක්ස් බුද්ධිමය වශයෙන් අවබෝධය ලැබුවෙකු විය. බොන් සරසවියේ නීති පීඨයට
ඇතුළත් වනවිටත් එම බුද්ධිමය ප්‍රභාව මාක්ස් සතු විය.
1836 වසරේ
දෙවැනි වාරයේදී විෂයයන් හයේ සිට හතර දක්වා අඩු කරන මාක්ස්, අධ්‍යාපනය සඳහා යොදන
කාලයද අඩු කළේය. අධ්‍යාපනය සම්බන්ධ උනන්දුවද අඩු කළේය.
අධ්‍යාපනය
සම්බන්ධව දක්වන නොසැලකිලිමත් භාවය පිළිබඳව විශ්වවිද්‍යාලය මගින් මාක්ස්ගේ
දෙමවුපියන් වෙත දැනුම් දෙන්නේ මේ අතරදීය. බොන් සරසවියට පැමිණ මාස තුනක් යන තෙක්
මාක්ස් සම්බන්ධ කිසිදු ආරංචියක් දෙමවුපියන් දැන ගත්තේ නැත. පසුව මාක්ස් මාස තුනකට
වරක් කෙටි ලියුම් දෙකක් පමණ නිවසට යැව්වේය. එසේම දෙමවුපියන්ට දැරීමට නොහැකි තරම්
මුදලක් මාක්ස් වියදම් කළේය.
මාක්ස්
විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පළමු වසරේදී නේවාසික කාමරය බෙදාගත්තේ Trier සමගය. ඔහු මාක්ස් බොන් සරසවියට පැමිණීමට වසරකට පෙර පැමිණි උසස් ලෙස
ගෞරවයෙන් සැලකූ දර්ශනය හැදෑරූ ශිෂ්‍ය‘යෙකි.
%Trier Tavern Club^ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන තිබූ අතර, සාමාජික සංඛ්‍යාව තිහක් විය.
ඔවුන්ගේ ප්‍රධාන කාර්ය වූයේ කුමක්ද? එම සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරකම වූයේ
අරක්කු බිමය. අරක්කු බී කෑකෝ ගසන මාක්ස් ඇතුළු පිරිස විශ්වවිද්‍යාලයේ සාමකාමී
පරිසරයට බාධාවක් විය. බියර් බොමින්, කාඩ් ගසමින් පැය විසිහතර පුරාම ඔවුන් ගත කළ
ජීවිතය විශ්වවිද්‍යාල පරිපාලනයටද ගැටලු මතු කළේය. විශ්වවිද්‍යාලය තුළ ප්‍රතිවිරෝධී
අදහස් මතුවී ගැටුම් මතුවූ අතර, එය ප්‍රසිද්ධියේ පහර දීම දක්වා වර්ධනය විය. මේ ගැටුම් හි ප්‍රතිඵලයක් ලෙස මාක්ස්ගේ වම්
ඇසකට තුවාල සිදුවිය. නීති විරෝධී ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්ද මාක්ස් විශ්වවිද්‍යාල
පරිපාලනයට හසු වූ අතර, ඒ සම්බන්ධ පරීක්ෂණයටද ඔහු ගියේය.
ඉන්පසු
මාක්ස් වැඩිපුර කාලයක් කවි ලිවීම සඳහා යෙද වූ අතර, සමාන අදහස් දරන ශිෂ්‍යයන් සමග
එකතු විය. කවි ලියුවේය. අනෙක් විශ්වවිද්‍යාලවල
කවි සංගම් සමග සම්බන්ධතා පැවැත්විය. Karl Grting නම් සත්‍ය
සමාජවාදය (True Socialism) පිළිබඳ මතවාදය ලොවට ඉදිරිපත් කළ
පුද්ගලයාද මේ කවි සමාජයේ සාමාජිකයෙකු විය. එම කවි සමාජය දේශපාලන කතිකාව මුල්කර ගෙන
බිහිවූවක් විය. පසුව එම කවි සමාජය ද ආණ්ඩුව විසින් තහමනට ලක් කෙරුණි.
මාක්ස් ඉඳහිට
නිසට යැවූ ලිපිවල ඔහු ලියූ කවි අමුණා යැව්වේය. එම කවි ප්‍රකාශකයෙකු ලවා පළ කිරීමට
කොපමණ මුදලක් යන්නේ දැයි පියාගෙන් ඇසුවේය.
මාක්ස්ගේ පියා
එම කවි පිළිබඳව සතුටින් පසු වුවද දේශපාලනයට ප්‍රවිශ්ට වීම පිළිබඳව කැමැත්තක්
නොදැක්විය. ඒ නිසාම බොන් විශ්වවිද්‍යාලයේ වසරක අධ්‍යයන කාලයෙන් පසුව මාක්ස්ව බොන්
විශ්වවිද්‍යාලයෙන් ඉවත් කර බර්ලින් විශ්වවිද්‍යාලයට ඇතුළු කළේය.
nadeeshdikkumbura.blogspot.com
Comments
Post a Comment