Posts

Showing posts from March, 2016

මාක්ස් කියවමු 7

   සිදුහත් කුමරා විමුක්තිය සොයා ගෙන යාම සඳහා කුඩා රාහුල පුතුද, බිරිඳ යශෝදරාද අතහැර ගිහිගෙයින් නික්මුණේය. කාල් මාක්ස් දරුවන් හදමින්, ජෙනීගේ උණුසුම් හැඟුම්බර ආදරය විඳිමින්, දුක් කම්කටොලුවලට මුහුණ දෙමින්, දුක් විඳින කම්කරු ජනයාට විමුක්තිය   ලබාගත හැකි න්‍යාය, දර්ශනය, වැඩ පිළිවෙළ පහදා දුන්නේය. නිවන්   දකිනවාද? සමාජවාදය ගොඩනගනවාද? යන ප්‍රශ්නය අප ඉදිරියේ තිබේ. නිවන් දැකීම පෞද්ගලික කාර්යයකි. සමාජවාදය ගොඩනැගීම පොදු කාර්යයකි. තනිව නිවන අවබෝධ කරගත හැකිය. එහෙත්, තනිවම සමාජවාදය ගොඩනැගිය නොහැකිය. නිවන් මගට යොමු වූවෝ ගිහිගෙය හැරදමා කසාවතින් සැරසී හුදකලාව භාවනාවට යොමුවෙති. සමාජවාදී රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් එක් වූවෝ සාමූහිකව අරගලය ස්වකීය ගමන් මාර්ගය ලෙස තෝරා ගනිති. ධනවාදී සමාජයක නිවන අවබෝධය පිණිස භාවනාවට යොමුවනවාට වඩා, සමාජවාදී සමාජයක නිවන අවබෝධය පිණිස යොමු වීම සාධාරණ යැයිද, හිතකර යැයිද, පහසු වෙතැයිද කියා මම සිතමි. ඒ මගේ සිතීමය. ඔබගේ සිතීම වෙනස් විය හැකිය. කාල් මාක්ස් පොත් තුනක ලියන ලද කවි සංකල්පනා ජෙනී වෙනුවෙන් පිදුව අතර, හතර වෙනි පොත පියා වෙනුවෙන් කැප කළේය. එම කෘ...

මාක්ස් කියවමු 6

  කාල් මාක්ස් ගැන කියවන සෑම මොහොතකම මාක්ස්ගේ ප්‍රිය බිරිඳ ජෙනී පිළිබඳ ඇති වන ගෞරව සම්ප්‍රයුක්ත ආදරණීය හැඟීමෙන් හිත බර වෙයි. ජෙනී වැනි පෙම්වතියක්, ජෙනී වැනි බිරිඳක් හිමි වන්නේ කාල් මාක්ස් වැනි ශ්‍රේෂ්ඨයෙකුටම පමණකැයි මට සිතෙයි. මාක්ස් පිළිබඳ ලියන මා මාක්ස්ටත් වඩා ජෙනීට ආදරණීය වීමේ අවිඥානික ආසාව සැබැවින්ම සැඟව ඇත්තේ කොතැනද? ජෙනී සතු වූ අතිශ්‍ය රූමත් භාවයත්, උදාර ගතිගුණත්, ආදරණීය භාවයත් එකට සංකලනය වූ පසු ස්ත්‍රිය පිළිබඳ කිසියම් වූ පරමාදර්ශ චරිතයක් මසිත්හි හොල්මන් කරන්නේය. ස්වාමි පුරුෂයා අභිභවා යමින් සමතැන්, නිසිතැන් ඉල්ලා ව්‍යාජ රැඩිකල් භාවයන් පෙන්වමින් අරගල කරන ස්ත්‍රීන්ට ආසියාතික මනෝභාවයන් සහිත අප වැනි පුරුෂයෝ ප්‍රියතාවයන් නොදක්වති. ජෙනී සමතැන් නිසිතැන් ඉල්ලූ ව්‍යාජ රැඩිකල් ස්ත්‍රී වාදිනියක් නොවූවාය. ස්වාමියා හා ඈ එක මගක ගමන් කළහ. ස්වාමියාගේ ගමන් මග හරස් කරන උන්ට ඈ චින්තනමය බුද්ධියේ අවි අමෝරා සටනට පිවිසියාය. නිර්ධනයාට විමුක්තිය ලබාගත හැකි ගමන් මග පාදා දුන් කාල් මාක්ස්ට යෝධ ශක්තිය ඈ ලබාදුන්නාය. ජෙනී, මාක්ස්ව සිහිකරන සෑම මොහොතකම මම ඔබවද සිහි කරමි. පියාගේ තීරණයට අනුව මාක්ස් බොන්...

මාක්ස් කියවමු 05

       පාසල් ජීවිතයට සමුදීමෙන් පසු මාක්ස් 1835 ඔක්තෝබර් මාසයේදී ප්‍රාදේශීයව පැවැති බොන් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. නිවසේ සිට බොන් සරසවියට යාම දීර්ඝ ගමක් විය. පවුලේ පිරිස උදෑසන හතරට අවදිව, මාක්ස් විශ්වවිද්‍යාලයට යාමට සූදානම් වන ආකාරය දෙස බලා සිටියහ. නිවසේ සිටි බොන් සරසවියට යාමට පැය දාසයක් පමණ ගත විය. ශිෂ්‍යයන් හත්සීයක් පමණ අධ්‍යාපනය ලැබූ බොන් සරසවිය රයින් ප්‍රදේශයේ බුද්ධිමතුන් බිහිකරන මධ්‍යස්ථානයක් විය. මුල් කාලයේදී සාහිත්‍යය හා දර්ශනවාදය ජනප්‍රිය විෂයක් බවට පත්වී තිබුණ අතර, දේශපාලනය පිළිබඳව යම් තරමකට එහිදී සාකච්ඡා කෙරුණි. 1830 පමණ වනවිට ජර්මනිය තුළ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම හා ආණ්ඩු විරෝධී ක්‍රියාදාමයක් ආරම්භ වී තිබුණි. මාක්ස් බොන් සරසවියේ නීති පීඨයට ඇතුළත් වී වසරක පමණ කාලයක් එහි අධ්‍යාපනය ලැබුවේය. මාක්ස් අවුරුද්දේ මුල් කාර්තුවේ දී ඉතා උනන්දුවෙන් අධ්‍යාපනය ලැබුවේය. මුල් අවස්ථාවේදී පාඨමාලා නමයක් අධ්‍යනය කළ අතර, පසුව පියාගේ උපදෙස් මත පාඨමාලා හයකට එය සීමාකර ගත්තේය. ඉන් තුනක් සාහිත්‍යයමය විෂයන් වූයේය. වාර අවසාන ප්‍රගති වාර්තාවට අනුව මාක්ස් එම විෂයන් ...