විදර්ශනා 02
"විදර්ශනා ...." මම විදර්ශනා අසලට ගියෙමි.
"මොකද මේ රැවුල වැවිලා, කෙට්ටු වෙලා. හොඳටම වෙනස් වෙලා."
"ඇයි මේ...... ඔයාට මොකද වුණේ...."
"අසනීප වුණා විදර්ශනා... මං හිතුවෙ නෑ මේ සතියෙ මට ඔයාව හම්බ වෙන්න එන්න පුළුවන් වෙයි කියලා... මරණය ළඟටම ගිහිල්ලා ආපහු ගෙදර ආවා වගේ හැඟීමක් දැනෙනවා. මේ කතාව මම අද පටන් ගන්න හිටියේ මේ විදිහට නෙමෙයි. වෙන විදිහකට. හැම කතාවම අපිට ඕන විදිහට පටන් ගන්න බෑ...."
මරණය ළඟට ගිහිල්ලා, ආපහු ගෙදර ආව මනුස්සයාගේ කතාව කලින් හිතාගෙන හිටිය කතාව වෙන්න බෑනේ කියා විදර්ශනා අනුකම්පා සහගතව මගෙ මූණ දෙස බැලුවාය.
"අනුකම්පාවෙන් පිරිච්ච අහිංසක කෙල්ලන්ගේ මූණේ තියෙන හැඟීම්වලට මම හරි ආසයි. සතියක් ඇති මිනිහෙක්ගේ ජීවිතයේ පුංචි අට මුට්ටියකට එන්න. හත් දවසෙ දානේ දීලා ඉවර කරන්න විදර්ශනා."
"ඔයා මැරුණා නම්, මේ කතාව මෙතනින් ඉවරයි."
"ඔව්, එහෙම ඉවර වෙච්ච කතා ලෝකේ ඕන තරම් ඇති විදර්ශනා.... ඇත්තට මේ කතාව ලියන්න පෑන අල්ලගෙන ඉන්න බෑ ඇඟිලි රිදෙනවා සේලයින් කටුවලට. එක නහරයක් දිගේ සේලයින් බෝතල් තුන හතරක්, තව බෙහෙත් බෝතල් සේරම බහිනවා. ඊට පස්සේ ඒක පිටගිහිල්ලා අත ඉදිමෙනවා. නර්ස් නෝනලා උල් කටු අරගෙන ආපහු නහර හොයහොය අනිනවා ඔය විදිහට සතියක්. ඇත්තටම මට මැරෙන්න හිතුණා...."
"ඒක මැරෙන්න හිතෙන වේදනාවක් විදර්ශනා...."
"ඔයා කියන්න, මම අහගෙන ඉන්නවා..."
"මට කියන්න දෙයක් නෑ විදර්ශනා, මම යනවා."
"කොහෙද යන්නෙ? තව මොනවා හරි කියන්න මම අහගෙන ඉන්නවා."
"සේරම ඔයත් එක්ක කිව්වාම අනිත් අයත් එක්ක කතා කරන් දෙයක් නැති වෙනවනෙ විදර්ශනා."
&ඔව්, ඒක ඇත්ත. හැමෝත් එක්කම කතා කරන්න දේවල් අපි ඉතුරු කර ගන්න ඕනේ. මං කැමතියි අපේ කතාව ඉක්මනට පටන් ගන්නව නම්.*
&මේක අපේ කතාව තමයි විදර්ශනා, මේ කතාව ඇරුණම වෙන කතාවක් නෑ.*
&ඔව්, ඒක ඇත්ත. අපි හැමෝම ජීවත් වෙන්නේ මුල මැද අග කියන කතාවක් ඇතුළේ. මුල දන්නවා, මැද සිදුවෙමින් තියනවා... අග දන්නෙ නෑ... ජීවිතය කියන්නේ අග දන්නේ නැති කතාවක් තමයි. ඔයා දැන් යන්න.*
^මාව එළවන්න ඔයාට බෑ විදර්ශනා...*
&ඔව්, මම ඒක දන්නවා. ඒ උනාට මං හිතන්නේ ඔයා දැන් ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න ගියා නම් හොඳයි.*
&ඔයා කොහොමද ලොකු හාමුදුරුවෝ ගැන දන්නෙ විදර්ශනා...*
&ගිය සතියේ අපේ කතාව මම කියෙව්වා කියා විදර්ශනා සිනාසුණාය.*
&ඔය හිනාව දකිනකොට මට හිතන්නෙ නෑ ඔය හිනාව ගේන මූණ මිනී ඔළුවක් කියලා. පැනලා ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා. තාම ඔයාට සනීප වෙලා නෑ, හරියට මුළු ඇඟම ලෙඩ පාටයි. තොල් පැලිලා, ඇස් ගිලිලා, මූණෙ ඇට පෑදිලා, ඇඟ කෙට්ටු වෙලා. ඔයා දැන් යන්න.*
&අපි හැමෝම අසනීපකාරයෝ තමයි. නැත්නම් මරණයේ ගැට්ට ගාවට ගිහිල්ලා ඇවිල්ලා කෙල්ලගේ මූණ ඉඹින්න හිතනවද?*
&මම යනවා...*
මම විදර්ශනාගෙන් මිදී ලොකු හාමුදුරුවන් මුණගැසීමට ගියෙමි.
&ඇඟට ආහාරයක් නැතුව සේලයින් වතුරෙන් විතරක් සතියක් ජීවත් උනාම ශරීරයට සිද්ධ වෙන දේ මහත්තයාට අවබෝයෙන්ම වැටහෙනවා ඇති.*
&ඔය ලෙඩ රෝගයත් එක්ක මහත්තයාට දුක්ඛ සත්‍ය අවබෝධ කර ගන්න බෑ. දුක්ඛ සත්‍ය අවබෝධ කර ගන්න පුළුවන් දුකෙන් ඉන්න මිනිහෙකුට නෙවෙයි. එහෙම උනා නම් අපේ රටේ ජීවත් වෙන මිනිස්සු විඳින දුක්වල හැටියට දුක්ඛ සත්‍ය සෑහෙන පිරිසකට අවබෝධ වෙන්න ඕනේ...* &දුක්ඛ සත්‍ය අවබෝධ කර ගන්න පුළුවන් නීරෝගිව ජීවත්වෙන මිනිහෙකුට විතරයි.*
&මහත්තයාට මේ වෙලාවෙ බණ කියලා වැඩක් නෑ..... ඔය ලිවීම නතර කරලා දාලා ඇඳට ගිහිල්ලා නිදාගන්න...*
&පවුල් වෙලා දරු මල්ලෝ ඉන්න අපිට විවේකය අරගෙන නතර වෙන්න බෑ ලොකු හාමුදුරුවනේ....*
&ඔව්, ඒකත් ඇත්ත. මහත්තයලට නතර වෙන්න බෑ තමයි. මැරෙනකම් ඔය ගමන හති දාගෙන දුවන්න වෙනවා. එහෙම දුනව මිනිස්සු මේ පන්සලටත් එනවා හති දාගෙන. ඒ මිනිස්සු පන්සලට ඇවිල්ල නතර වෙන්න බලන්නෙ නෑ... දුවන්නයි හිත. ඒ දිවිල්ලට මේ මාවත් සම්බන්ධ කර ගන්න හදනවා.*
&එහෙම තමයි, හැම දායක මහත්තරුන්ටම ඕනේ ගමේ පන්සල දියුණු කරන්න. ලොකු හාමුදුරුවනේ අපේ මිනිස්සු දියුණුව දකින්නේ කොන්ක්‍රීට්වලින් ... තීන්තවලින්... ඔයිල්වලින්... තාප්පවලින්... ගොඩනැගිලිවලින්... ලොකු හාමුදුරුවනේ...*
&ඔව්, පන්සල දියුණු කරන්න කතා කරන ඔය කිසිම මිනිහෙකුගෙවත් හිත් දියුණු නෑ... ධර්මය අවබෝධ කර ගන්න තරම් හිත දියුණු කර ගන්න උවමනාවකුත් නෑ.... මහත්තයා මොකද ශරීරය අපහසුතාවයකින් වගේ....*
&පෙතඩීන්..... මෝහිනී වගේ වේදනා නාශකවලටත් මගේ රෝග වේදනාව මර්දනය කරගෙන ඉන්න බැරි වුණා ලොකු හාමුදුරුවනේ....*
&මේ සංසාරගත වේදනාව පෙතඩීන් මෝහින්වලට නවත්තන්න බෑ මහත්තයෝ...*
&දුක අපි හොයාගෙන යන්නෙ නෑ... අපි හොයාගෙන යන්නෙ සතුට හොයාගෙන ගියත් නොගියත් දුක අපිව හොයාගෙන එනවා. සතුට අපි හොයන කොට දුක අපිව හොයාගෙන එනවා. හොයාගෙන යන සතුට ගැන හොයන්න කලින් හොයාගෙන එන දුක ගැන බුදුහාමුදුරුවෝ හොයන්න කිව්වෙ ඇයි?*
&හොයාගෙන එන දේ ගැන හොයන්න දෙයක් නැති හින්දා නෙමෙයි. දුක ගැන හොයන්න අපිට බොහෝ දේ තියෙනවා. දුක ගැන දුක විදින මිනිහවත් දන්නෙ නෑ. මහත්තයාට අපහසුයි. දැන් ඔය ලිව්වා ඇති, නිදාගන්න.*
&තව පොඩ්ඩක් ලියලා මම නිදා ගන්නවා ලොකු හාමුදුරුවනේ...*
මම ලොකු හාමුදුරුවන් අසලින් මිදුනෙමි. පොඩි හාමුදුරුවන් සොයා ගියෙමි.
&රටට ජාතියට ආදරය කරණ දේශප්‍රේමී නායකයෙක් උපහාසයට අපහාසයට ලක් කරන කොට ඒවා පඩිසන් දෙනවා මහත්තයෝ...... මේවා දෙවියො බුදුන් වැඩිය රටක්.*
&ඥානාලෝක හාමුදුරුවනේ, මට මේ ලෙඩේ හැදුනේ දේශප්‍රෙමී ඈයෝ විවේචනය කරන්න සෑහෙන්න කාලෙකට ඉස්සර...*
&එහෙමද? මහත්තයා දැන්වත් රට ජාතිය ආගම ගැන මීට වඩා හිතන්න.*
&සමහර විට පොඩි හාමුදුරුවෝ හිතනවටත් වඩා වැඩියෙන් හිතනවා...*
&එකිනෙකා ගහමරා ගන්නැති, ආපහු යුද්ධයක් එන් නැති සාමකාමී රටක් ගැන මම හිතනවා....*
&මහත්තයා එක්ක මේවා කතා කරලා වැඩක් නෑ...*
&ඔව්, මට හරි වෙහෙසයි පොඩි හාමුදුරුවනේ..... මම යනවා නිදාගන්න.*
Comments
Post a Comment