Posts

Showing posts from 2017

විදර්ශනා 02

Image
"විදර්ශනා ...." මම විදර්ශනා අසලට ගියෙමි. "මොකද මේ රැවුල වැවිලා, කෙට්ටු වෙලා. හොඳටම වෙනස් වෙලා." "ඇයි මේ...... ඔයාට මොකද වුණේ...." "අසනීප වුණා විදර්ශනා... මං හිතුවෙ නෑ මේ සතියෙ මට ඔයාව හම්බ වෙන්න එන්න පුළුවන් වෙයි කියලා... මරණය ළඟටම ගිහිල්ලා ආපහු ගෙදර ආවා වගේ හැඟීමක් දැනෙනවා. මේ කතාව මම අද පටන් ගන්න හිටියේ මේ විදිහට නෙමෙයි. වෙන විදිහකට. හැම කතාවම අපිට ඕන විදිහට පටන් ගන්න බෑ...." මරණය ළඟට ගිහිල්ලා, ආපහු ගෙදර ආව මනුස්සයාගේ කතාව කලින් හිතාගෙන හිටිය කතාව වෙන්න බෑනේ කියා විදර්ශනා අනුකම්පා සහගතව මගෙ මූණ දෙස බැලුවාය. "අනුකම්පාවෙන් පිරිච්ච අහිංසක කෙල්ලන්ගේ මූණේ තියෙන හැඟීම්වලට මම හරි ආසයි. සතියක් ඇති මිනිහෙක්ගේ ජීවිතයේ පුංචි අට මුට්ටියකට එන්න. හත් දවසෙ දානේ දීලා ඉවර කරන්න විදර්ශනා." "ඔයා මැරුණා නම්, මේ කතාව මෙතනින් ඉවරයි." "ඔව්, එහෙම ඉවර වෙච්ච කතා ලෝකේ ඕන තරම් ඇති විදර්ශනා.... ඇත්තට මේ කතාව ලියන්න පෑන අල්ලගෙන ඉන්න බෑ ඇඟිලි රිදෙනවා සේලයින් කටුවලට. එක නහරයක් දිගේ සේලයින් බෝතල් තුන හතරක්, තව බෙහෙත් බෝතල් සේරම බහිනවා. ඊට පස...

විදර්ශනා 01

Image
ඔන්න එකමත් එක රටක හිටියා.. කියලා කතන්දර අහන්නයි අපි හැමෝම කැමතියි. හැම කතාවක්ම පටන් ගන්න විදිහක් තියෙනවා. ඉතිං මේ කතාවටත් එහෙම මොනවා හරි විදිහක් හැදෙයි. හැබැයි ඒ හැදෙන්නේ මට ඕන විදිහ, පිට ඉඳන් මට ඕනේ විදිහට කතාව හදන්නේ මොකටද? මමත් බහිනවා කතාව ඇතුළට. කතාව ඇතුළෙ ඉඳන් කතාව හදන එක ලේසියි, එළියෙන් ඉඳන් හදනවාට වඩා. කැමති නම් ඔයාලට මේ කතාව දිගේ එන්න පුළුවන්. නැත්නම් නතර වෙන්න පුළුවන්. වාක්‍ය දිගේ ඔයාලා මෙතනටම ආවා නම්, වාක්‍ය දිගේ තව ගොඩක් දුර යන්න තියෙනවා. මුළු ජීවිතේම වාක්‍ය දිගේ අර්ථ හොය හොයා යන ගමනක් තමයි අපිට තියෙන්නේ. විදර්ශනා... “ඇයි, ඔය විදිහට මං දිහා බලන්න එපා..." “ඕනෙම පිරිමියෙක් කැමති වෙන මූණක් ඔයාට තියෙන්නේ... පුංචි හාවියක් වගේ. මට හිතෙනවා හුස්ම හිරවෙනකම් ඔයාව තුරුලු කරගෙන ඉඹගෙන ඉඹගෙන යන්න. ඔය රෝස පාට මූණ රතු වෙනකම්..." “ඔයා බැඳපු මිනිහෙක් නේද? දරුවෙක්ගෙ තාත්තා කෙනෙක් නේද? ඇයි ඔහොම හිතන්නේ..." ‘“මං එහෙම හිතුවෙ නෑ... මට එහෙම හිතුණා... ගොඩක් මිනිස්සු හිතෙන දේවල් කියන්නෙ නෑ..." “හිතෙන දේවල් නොකියවන එකට තමයි ජීවත් වෙනවා කියන්නේ... මිනිස්සු ජීවත් වෙන්නේ හ...