Posts

Showing posts from April, 2016

මාක්ස් කියවමු 9

කාල්මාක්ස්ගේ නම ඇසූ සැණින් මාක්ස් ගැන නොදන්නා බොහෝ දෙනාගේ සිත් තුළ භීතියක්, විනාශකාරී හැඟීමක් මතුව එන බව මම දනිමි. මාක්ස් යැයි උච්චාරණය වනවිට ටයර් සෑ මත දැවී අළුවූ මළ සිරුරුද, ගංඟා ඇළ-දොළ තුළ සතුන්ගේ ආහාර බවට පත්ව පාවී යන විකෘතිවූ මළ සිරුරද     සිහියට නැගෙයි. මාක්ස් යැයි උච්චාරණය වනවිට නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ නැදෑ හිතමිතුරන්ද, රටේ ප්‍රකව සිටි මිනිසුන්ද සිහියට නැගෙයි. තවද, මාක්ස් කියූ සැණින් තුන්ඩු කැබැල්ලකින් කඩ සාප්පු වසා රට තුළ නිල නොලත් ඇදිරිනීතිය පැනවූ ආකාරයද, බස්රථද, ට්‍රාන්ස්ෆෝමර්ද ගිනි තැබූ ආකාරයද සිහියට නැගෙයි. මාක්ස් කියූ සැණින් ගොඩනැගෙන මේ අඳුරු චිත්‍රය අපගේ නැණ පමණින් හා හැකි පමණින් වෙනස් කිරීම අරභයා මේ ලිපි රචනා කරන අතර, මාක්ස්වාදි දර්ශනය හා න්‍යාය පිළිබඳ විස්තරය ඉදිරියේදී ලිවීමට මම බලාපොරොත්තු වෙමි. මිනිසා ආර්ථික වශයෙන් සුරක්ෂිත විය යුතුය. ආත්මගෞරවයක් සහතිව ජීවත් වීමට තරම් වැටුපක් ලැබිය යුතුය. දරු මුණුබුරන් සමග විවේකයෙන් විනෝදයෙන් ජීවත් විය හැකි සංස්කෘතිමය පරිසරයක් නිර්මාණය වී තිබිය යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය අවුල්සහග...